“බංකොලොත් රටක් විදිහට නම් කරලා තිබුණත් අපිත් ඩොලර් මිලියනයක් ගාසාවට දුන්නා”

ලංකාව බංකොලොත් රටක් ලෙස නම් කර තිබුණත් ගාසා යුද්ධයෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ඩොලර් මිලියනක මුදලක් ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (23) සංවිධානය කර තිබූ විශේෂ යාඥා මෙහෙයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ගාසා යුද්ධයෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ගාසා අරමුදල ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා. ඒ අනුව පළමුව ඩොලර් මිලියනයක් ලබාදීමට කටයුතු කළා.

අප කුඩා රටක් වුවත්, බංකොළාත් වූ රටක් ලෙස නම් කර තිබුණත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියනක මුදලක් ලබා දුන්නා. ඒ සඳහා ආධාර කරන ලෙස අප සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඔබ ලබාදුන් මෙම පරිත්‍යාගය වෙනුවෙන් මගේ ස්තූතිය පළ කරනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *