බංග්ලාදේශයේ හින්දු බැතිමතුන් ආරක්ෂා කරන්නැයි ඉල්ලීමක්

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ එරට වෙසෙන සුළුතර හින්දු ජාතිකයින් ආරක්ෂා කරන ලෙස අමෙරිකාවේ හින්දු බැතිමතුන් එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ක‍රනවා.

බංග්ලාදේශ අගමැති ශෙයික් හසීනා ධුරය හැර ඉන්දියාවට පලා යෑම හේතුවෙන් එරට වෙසෙන හින්දු ජාතිකයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස උත්සන්න වී ඇති බවත්, ඊට එරෙහිව මේ වනවිට එරට සිටින හින්දු බැතිමතුන් දැවැන්ත විරෝධතාවක නිරතව සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී අමෙරිකාවේ ක්‍රියාක්මක වන උතුරු අමෙරිකානු හින්දුවරුන්ගේ සන්ධානය විසින් ඉහත ඉල්ලීම පාර්ලිමේන්තුවෙන් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

බංග්ලාදේශයේ දිස්ත්‍රික් 52ක පුරා අවම වශයෙන් හින්දු ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර 200කට අධික ප්‍රමාණයක් සිදුවී ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත් සේවය වාර්තා කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *