බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෑන් රථ අනතුරකින් 6 දෙනෙකුට තුවාල

බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් වෑන් රථයක මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පොලිසිය පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඉන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල රෝහලට මාරුකර යවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *