බත්තරමුල්ලේ ලැඟුම්හලක අභිරහස් මරණයක්

බත්තරමුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සැකකටයුතු මරණයක් සිදුව තිබෙනවා.

එම ලැගුම්හලේ සේවය කළ අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද (11) උදෑසන 9ට පමණ මේ සම්බන්ධයෙන් තලංගම පොලිසියට තොරතුරක් ලැබුණු බවයි පොලිසිය පැවසුවේ.

ඒ අවට පදිංචිකරුවෙකු විසින් මේ බව දැක තොරතුර ලබා දී තිබෙන බවද වාර්තා වුණා.

වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *