බදු ගෙවීම් පිළිබඳ චෝදනාව අසත්‍යයක් බව ජනක රත්නායක පවසයි..

බදු ගැන කියන සමාගමේ අයිතිය වසර 5 ක තිස්සේ තමන්ට නැති බවත්..තම බිරිඳට හෝ තමන්ට අධිකරණයෙන් නොතීසි නිකුත් කර නැති බවත් ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා…
…………………………………

මටත් බිරිඳටත් බදු ගෙවීමට නොසිතී නෑ..

මේක අවුරුදු අටක පරණ කතාවක්..

වසර පහක තිස්සේ අපිට ඒ සමාගමේ අයිතියකුත් නෑ…

ජනක රත්නායක මාධ්‍ය හමුවක් කැඳවමින් පවසයි…
……………………..

ජනක රත්නායකට සහ බිරිඳට බදු පැහැර හැරීම් සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවට අද පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා මෙම මාධ්‍ය හමුව කැඳෙව්වා…
……………….

මෙය බදු පැහැර හැරීමක් නොවන බවත්..හිඟ බදු ගෙවන්නයි..ආදායම් බදු දෙපාර්තමේන්තුව තක්සේරු කරන ලද බදු ප්‍රමාණයක් ඒ සඳහා ඇපෑලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා පවසනවා…

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා…
……………

මහ මැතිවරණය එන්න තියෙද්දි ඇයි මේ වගේ චෝදනා කරන්නේ..

මගේ විරුද්ධවාදින් මට බය වෙලා..

මාව අභියෝගයක් වෙලා නිසා තමයි මේ වගේ ලොකු ප්‍රචාරයක් දෙන්නේ..

ජනකරත්නායක හෝ බිරිඳ කිසියම් වූ ආයතනයක බදු පැහැර හැරියයි කියලා..

අපි මේ සමාගමේ අධ්‍යක්ෂකවරු නෙමේ..

චෝදනාව අසත්‍යයක්..
මගේ විරුද්ධවාදීන් තමයි මේවා කරන්නේ ..

මට සිතාසි නියෝග කරල නෑ .මේක ව්‍යාකූල කතාවක්..

මම ජනතාව වෙනුවෙන් කෝටි ගානක් වියදම් කරලා තියෙනවා..

බදු පැහැර හැරීමක් නෙමේ බදු අඩුවෙන් ගෙවීමක් තමා..

මට උසාවියේ කැඳවීමක් තියෙනවා දෙසැම්බර් මාසයේ නමුත් මට සිතාසි එවලා නෑ..

මට සම්බන්ධ නැති දෙයක් මේ ප්‍රචාරය කරන්න හදන්නේ…

What's your reaction?

Related Posts

1 of 119

Leave A Reply

Your email address will not be published. Required fields are marked *