බන්දුලව ප්‍රතික්ශේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.

එමෙන්ම, අගවිනිසුරු තනතුර හැර සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරු සඳහා නාමයෝජනා නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අතුරු නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *