බස් රත රියදුරන්ට වැඩ වරදි

මාර්ග බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අන්දමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවලින් අය කරන දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ සඳහා වන කෙටුම්පත ප්‍රවාහන අමාත්‍යාංශය මගින් නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තුව වෙත යොමුකර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියාමනය මත දුර ගමන් සේවා බස් රථ තුන්දහස් දෙසීයක් නියාමනය වන අතර, එම බස් රථවලට අමතරව මාර්ග බලපත්‍ර නොමැති බස් රථවලින් මගීන් ප්‍රවාහනය වැඩි වශයෙන් සිදුවෙමින් තිබේ.

විශේෂයෙන් වැල්ලවත්ත, මරදාන ආශ්‍රිතව බස් රථ ගාල් කරමින් නීතිවිරෝධී අන්දමින් මගී ප්‍රවාහනය සිදුවන අතර, එවැනි බස් රථ ගණනාවක්ම හසු කරගෙන නඩු පැවරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගිය කාලය පුරාම පියවර ගෙන තිබුණි.

මෙවැනි ආකාරයෙන් හසුවන මාර්ග බලපත්‍ර නැති බස් රථ සඳහා දැනට ආසන්න දඩය රුපියල් දස දහසකි. ඉදිරියේදී එය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබුණි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *