බස් රථයක් පාරෙන් ඉවතට පැන මාරක අනතුරක්

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල් කඩේ හංදියේදී ලංගම බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන මාර්ගයේ සිටි දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය සදහන් කළේ එලෙස මියගොස් ඇත්තේ පේදරෙරුවන් දෙදෙනෙකු බවයි.

සිදුවූ අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවගේ අතකටද ආබාධයට ලක්වී රෝහල් ගත කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45-55 අතර පුද්ගලයන් දෙදෙනෙක්.

බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු අද (12) පැමිණ ආපනශාලාවකින් දහවල් ආහාර ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *