බස්නාහිර පළාත් ගුරු උපාධිධාරීන්ගේ මාධ්‍ය හමුව

බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් මෙතෙක් පත්වීම් නොලද උපාධිධාරීන්ගේ එකමුතුවේ මාධ්‍ය හමුවක් මාලිගාවත්ත ඛෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම මාධ්‍ය හමුවට බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුමිත් ඉරෝෂණ් , සම කැඳවුම්කරු අංජුලා ජයසිංහ , ක්‍රියාකාරී සාමාජික අංජු ධර්මරත්න මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

2023 සැප්තැම්බර් මස බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත් කළ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය අනුව පැවැත් වූ තරඟ විභාගය සමත් වූ නමුත් මෙතෙක් පත්වීම් නොලද දහසකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ට පැන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කළා.

  1. සම කැඳවුම්කරු අංජුලා ජයසිංහ
    5500 ක් පමණ තරග විභාගය සඳහා මුහුණ දුන්නා.
    ඉහළ ලකුණු ලබාගෙන විභාගය සමත් පිරිස සම්මුඛ පරීක්‍ෂණ සිදු කළා.
    සම්මුඛ පරීක්ෂණවලින් සමත් පිරිස ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහාත් යොමුකළා.
    නමුත් ප්‍රතිඵල නිකුත් කළේ තුනක් පත්වීම් ලබාදීමෙන් අනතුරුවයි.
  2. කැඳවුම්කරු සුමිත් ඉරෝෂණ්
    විවිධාකාරයෙන් දැනට 3300 පත්වීම් ලබාදී තිබෙනවා.
    පත්වීම් ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නැහැ.
    තව දහසක් පමණ ක්ම පත්වීම් බලාපොරොත්තුවෙන් සිටිනවා.
  3. ක්‍රියාකාරී සාමාජික අංජු ධර්මරත්න
    රජයේ අවධානය යොමු කර ගුරු පත්වීම් ලබා දෙන ලෙසක ඉල්ලා සිටිනවා.
    බස්නාහිර පළාත් සභාවට ාජ්‍ය සේවා කොපිෂන් සභාවට ඇතුළු අදාළ සියලු ආයතන දැනුවත් කරත් කිසිමක් නැහැ.
    උද්ඝෝෂණ අපි කරල නෑ අපිට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා සිටිනවා.
    නිසි ක්‍රමවේදයකට අනුව බඳවා ගැනීම් සිදුකළා නම් මෙසේ ගැටලු ඇති වන්නේ නැහැ.

What's your reaction?

Related Posts

1 of 469

Leave A Reply

Your email address will not be published. Required fields are marked *