බිත්තර මිල ඉහළ යාමෙන් කේක් නිෂ්පාදනය පහළට

බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේදී බේකරි හිමියන් කේක් නිෂ්පාදනය සිදු නොකළ බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සදහන් කළේ මහා පරිමාණ බේකරි හිමියන් පමණක් 25%ක පමණ කේක් නිෂ්පාදනයක් සිදු කළ බවයි.

මේ වන විට වෙළදපොළේ බිත්තරයක මිල රුපියල් 55 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර වෙළදපොළේ එළවලු මිල ගණන් තව දුරටත් පහළ ගොස් තිබෙනවා. කන්ද උඩරට වගා කරන එළවලු මෙලෙස පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *