බිත්තර මිල යළි ඉහළට

සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද උදා වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී පහළ ගොස් තිබූ බිත්තරයක මිල යළි අසීමිතව ඉහල යමින් පවතිනවා.

අප කළ සොයාබැලීමකදි අනාවරණ වුණේ දේශීය බිත්තරයක තොග මිල මේ වන විට රුපියල් 50කට ආසන්න මිලක පවතින අතර එහි සිල්ලර මිල රුපියල් 55කට ආසන්නව පවතින බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් විමසීමක් කළ අතර ඊට ප්‍රතිචාර දැක්වු එම සංගමයේ භාණ්ඩාගාරික විජය අලිවිස් කියා සිටියේ අතරමැදියන් විසින් මිල ඉහළ දැමීම සිදු කරන බවයි.

පසුගිය දිනවල ඉතා පහල මිලක පැවති එළවලු‍ මිල අද දිනයේදි සුළු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.

මාළු මිළ ගණන් ද පෙර දිනයන්ට සාපේක්ෂව යම් මට්ටමකින් ඉහල ගොස් ඇති බව වෙළඳපොල තොරතුරු අනාවරණ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *