බිත්තර මිල සීඝ්‍රයෙන් පහළට

ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩිවීම හේතුවෙන් වෙළෙඳපොළෙහි බිත්තර මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා.

කෙසේ වෙතත් එම සංගමය ප්‍රකාශ කළේ නිෂ්පාදන වියදමටද වඩා අඩු අගයකට බිත්තර මිල පහත වැටීම ගැටලුවක් බවයි.

පසුගිය වසර දෙකක කාලය තුළ දී බිත්තරයක් රුපියල් 65ක් දක්වා ඉහළ ගියා.

එලෙස පසුගිය කාලයේ ඉහළ අගයක පැවැති බිත්තර මිල මේ වන විට වෙළෙඳපොළේ ඉතා අඩු අගයක් දක්වා පහල වැටී තිබෙනවා.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ බිත්තරයක් මේ වන විට රුපියල් 27කට සැපයිය හැකි බවයි.

මේ අතර වෙළදසැල්වල අලෙවි කරන බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල පැහැදිලිව වෙළදසැල්වල ප්‍රදර්ශනය කළ යුතු බව, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීය පවසනවා.

එසේ සිදු නොකරන වෙළදුන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් සිදු කිරීමට කටයුතු කරන බවයි එම අධිකාරීය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ දිනවල වෙළදපොලේ බිත්තරයක මිල රුපියල් 28 ත්, 35 ත් අතර වූ මිලක පැවතීම නිසා එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබාදිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *