බිරිඳ කර ඇත්තේ රංගනයක්

මොරටුව ලක්ෂපතිය රතුකුරුස වත්ත ප්‍රදේශයේ නිවසක අද (15) අලුයම තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා.

එසේ ඝාතනයට ලක් වූයේ 41 හැවිරිදි හරේන්ද්‍ර කුමාර නොහොත් “පොඩි අයියා” නැමැති පුද්ගලයෙක්.

ඝාතනය ට ලක්වු පුද්ගලයාගේ බිරිද සහ ඇගේ සහෝදරයා මෙම ඝාතනය කර ඇති බවට හෙලි වි තිබෙනවා.

අනියම් ප්‍රේම සම්බන්ධතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඝාතනය සිදුවූ පසුව බිරිඳ ගැට ගසා සිට ඇති අතර බිරිඳගේ කෑ ගැසීම ඇසුණු අසල්වාසීන් පැමිණ විමසා බැලීමේදී මෙම පුද්ගලයා ඝාතනය වී ඇති බව අනාවරණය වුවත් සැබෑවටම මෙම ඝාතනය බිරිඳ විසින් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

රාත්‍රි 12.30 ට පමණ බිරිද විසින් මෙම පුද්ගලයාගේ පපුවට සහ බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන තිබෙන අතර බිරිදගේ සහෝදරයා විසින් මුගුරකින් හිසට පහර දි තිබෙනවා.

පුද්ගලයා ඝාතනය කරන අවස්ථාවේ දි අවට පිරිස් වලට නොඇසෙන්නට පිරිත් දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

බිරිද විසින් සිය මල්ලිට පවසා ඇත්තේ ” අක්කා කොල් කරාම එන්න, මාව ගැට ගහන්න, මේ ඝාතනය වෙන කෙනෙක් කරා කියා හගවන්න යනුවෙන්”

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දැරිය පොලිසිය හමුවේ මෙසෙ පවසා ඇත්තේ ” මාමා ඇවිත් කෝට්ටකින් ගැහුවා, අම්මාත් ගැහුවා යනුවෙන්.

සිද්ධිය වන අවස්ථාවේ කුඩා දැරිය ඇද යට සැගව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *