බිස්කට් ගන්න කඩේට ගිය අත්තම්මා මරු කටට යැවූ පාලම

පුපුරැස්ස, ලෙව්ලන්ඩ් වතුයායේ පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් එම ප්‍රදේශයේ පිහිටි පාලමකින් ඇදවැටී අද (25) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තනිව ජීවත්ව ඇති 78 හැවිරිදි මෙම කාන්තාව අධික වර්ෂාව පැවති අවස්ථාවේදී අසල පිහිටි ලැයිමක තිබූ කඩයකට ගොස් බිස්කට් පැකට්ටුවක් රැගෙන නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීත් පුද්ගලයින් රැසක් මෙම පාලමෙන් වැටී ඇති අතර දැව කඳන් මත ඉදිකර ඇති මෙම පාලම තරමක් අබලන් තත්ත්වයේ පවතින බවයි වාර්තා වන්නේ.

ඇළට වැටී සිටි මෙම කාන්තාව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගන්නා විටත් මියගොස් සිටි බවයි පුපුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *