බිහිසුණු අනතුරකින් දෙදෙනෙකුට බරපතළයි

පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් (11) දින උදැසන රිය අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ හේතුවෙන් ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසුවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (11) උදැසන 7.30ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ, ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේදී.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු වෑන් රථයකුයි මෙසේ අනතුරට පත් ව ඇත්තේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී තිබෙන්නේ.

අනතුරට පත් වෑන් රථයේ රියදුරා සහ ඉදිරිපස අසුනේ සිටි තවත් අයෙකු සිර වී සිට තිබෙනවා.

පසුව, බස් රථයේ ගමන් ගත් මගීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථයේ දොර විවෘත කිරීමෙන් තුවාලකරුවන් රෝහල වෙත යොමු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව පොලිසිය පවසනවා.

ප්‍රදේශයේ පවතින වර්ෂාවත් සමග හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *