බෙංගාල බොක්ක කැළඹෙයි කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩීෂා වෙරළ ප්‍රදේශයට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70ත් 80 අතර තද සුළං පැවතිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව, අද (01) දිනය තුළ යාත්‍රා නොකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මහනුවර, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය විසි හතර තුළත් මිලිමීටර 75 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *