බෙදි සිටියා ඇති දකුණේ දේශපාලනය දිනවන්න අපි එක් වෙමු – එක්සත් ජාතික පක්ෂය හැරදා සජබයට එක්වූ වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනානායක කියයි

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් අද සමගි ජන බලවේගය හා එක්විය.

එහි දී ඔවුන් මාධ්‍ය වෙත කියා සිටියේ දකුණේ දේශපාලන මතය දිනවන්න එකතු විය යුතු බවයි.

රට මේ වෙලාවේ තිරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බවත් ජනාධිපතිවරණයේ පරජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට පැමිණෙන්නේ නැති බව පවසන බවත් මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව ජයගත්තේ අනුර කුමාර දිසානායක මහතා වුවත් ප්‍රතිශතය අනුව ජය ගත්තේ දකුණු ඉවුරේ පක්ෂ බවත් මේ දකුණ ඉවුරේ පක්ෂ කොටස් දෙකකට වෙන් වුන නිසා පරාජය වුන බවත් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පැවසීය.

එබැවින් මේ දේශපාලන කදවුරු දෙක එකතු විය යුතු බවත් පෞද්ගලික අභිමතාර්ථ නොසලකා එකට එකතු විය යුතු බවත් පුද්ගලයන්ට වඩා දේශපාලන මතවාදය වැඩපිළිවෙළ වැදගත් බැවින් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වී ජයග්‍රහණය වෙනුවෙන් කැපවි යුතු බවත් ඒ මහතා පැවසීය

එබැවින් දේශපාලන ගැටුම් අමතක කර මේ අවස්ථාවේ එකට එකතු විය යුතු බවත් වරුණ රාජපක්ෂ මහතා පැවසීය.

වමේ දේශපාලනයෙන් ගොඩ ආ රටවල් නැහැ

එසේම මෙහි දී අදහස් දක්වමින් යටිනුවර ප්‍රධාන සංවිධායක මහේෂ් සේනානායක මහතා කියා සිටියේ දකුණු ඉවුරේ දේශපාලනය පසුබැමකට ලක්ව ඇති නමුත් මෙය රටට අවශ්‍ය බැවින් රට ගැන පරිත්‍යාගශීලී විය යුතු බවත් රට වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ මහතා පැවසීය.

එසේම කණ්ඩායම්වලට බෙදුනහොත් රට විනාශ වන බවත් වමේ දේශපාලනයෙන් රටවල් ගොඩ ආ නොමැති බැවින් දකුණේ දේශපාලනය දිනවිය යුතු බවත් ඒ මතයේ තමා සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

තවද ජනතාව නොමග යවන්නේ නැතිව එක් ප්‍රතිපත්තියක් මතයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් අභියෝග රැසක් රටට ඇති නිසා මේ අභියෝග ජය ගන්න දකුණේ කදවුර ශක්තිමත් කළ යුතු බවත් ඒ සදහා සියලු දෙනා එකට එකතු විය යුතු බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *