බොහෝ ප්‍රදේශවලට තද වැසි

අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව පවසනවා.

නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *