භාවිතයට නුසුදුසු භාණ්ඩ තවදුරටත් වටලයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් නිලධාරින් විසින් පසුගිය දිනකදී ඇසුරුම් කරන ලද කරවල තොගයක් සහ ආනයනික කොල්ලු තොගයක් සම්බන්ධයෙන් වැටලීම් සිදුකර ඇත.

එහිදී කොළඹ දිස්ත්‍රික් නිලධාරින් විසින්සිදු කරන ලද පරීක්ෂාවේ දී පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක ගබඩාකර තිබූ කල් ඉකුත් වන දිනය වෙනස් කළ කරවල කිලෝග්‍රෑම් 10 අසුරණ එකොළහක් සහ කිලෝග්‍රෑම් 5 අසුරණ හැත්තැඅටක්, සොයාගත් අතර එම ඇසුරුම් 89හි කල් ඉකුත් වන දිනය 2025 ජනවාරි ලෙස සටහන්ව තිබිය දී එය 2025/07 ලෙස ඉදිරි දිනයක් යොදා වෙනස් කොට තිබී ඇත.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමක දී කැළණිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ගබඩාවක, ඇසුරුම් කල දිනයක්, භාවිත කළ යුතු කාල සීමාවක් යන කිසිදු තොරතුරක් නොමැතිව රුපියල් මිලියනයකට අධික වටිනාකමක් සහිත කොල්ලු කිලෝග්‍රෑම් 30ක ඇසුරුම් 100ක් සහිත තොගයක් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන අතර උත්සව සමය ඉලක්ක කරගෙන මෙවැනි භාණ්ඩ වෙළෙඳපලට නිකුත් කිරීම කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙසත් එවැනි තොරතුරු වෙතොත්, 1977 කෙටි දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසත් වෙළෙඳ ප්‍රජාවෙන් මෙන්ම පාරිභෝගික ජනතාවගෙන් ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටියි.

හේමන්ත සමරකෝන්
සභාපති
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය

What's your reaction?

Related Posts

1 of 436

Leave A Reply

Your email address will not be published. Required fields are marked *