මගේ සැමියා ඝාතනය කළාසේම මාවත් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් ද ? චන්ද්‍රිකා රවිගෙන් අසයි

විජය කුමාරතුංග තම ස්වාමිපුරුෂයා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් දැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් විමසා සිටියා.

ඇය යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා ඔක්තෝබර් මස 31 වන දින නිකුත් කළ ලිපියෙන් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30 දක්වා අඩු කිරීමට නියම කර ඇති බවය.

තමා විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 2006 සහ 2014 යන වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තාවලින් තමාට දන්වා ඇතැයි ද සිය ලිපියේ දක්වා තිබෙනවා.

අනෙකුත් හිටපු ජනාධීපතවරුන්ට ලබා දෙන ආරක්ෂක කණ්ඩායම් සංඛ්‍යාවට වඩා අඩුව 30 කගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක් තමාට පමණක් ලබා දීමට තීන්දු කළ නිර්ණායකය කුමක්දැයි මහත් ප්‍රේහේලිකාවක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමු කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *