මත් වූ තරුණයින් ළඟ තිබී ලක්ෂ ගණනක හොරකම් කළ භාණ්ඩ හමුවෙයි

මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි තරුණයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් හොරකම් කරන ලද රුපියල් ලක්ෂ ගණනක මුදල්, ජංගම දුරකතන හා ස්වර්ණාභරණ සොයා ගැනීමට ද පොලිසිය සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ වැසියෙකු විසින් පොලිසිය වෙත ලබා දෙන ලද ඔත්තුවකට අනුව පොලිස් කණ්ඩායමක් එම නිවස පරීක්ෂා කිරීමේදී ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළග තිබී අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම තරුණයින් සියලු දෙනාම මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සන්තකයේ තිබී දුරකථන 7ක්, රුපියල් 17,000ක මුදලක් සහ අයිස් මිලිග්‍රෑම් 90 බැගින් වූ පැකට් 7 ක්, උකස් තබන ලද රන් භාණ්ඩවල රිසිට් පත් කීපයක් සොයා ගත් බවයි.

මේ තරුණයින් පිරිස මත්ද්‍රව්‍ය මිලට ගැනීම සදහා මුලතිව් ප්‍රදේශයේ නිවෙස්වලින් විවිධ භාණ්ඩ හොරකම් කර ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම තරුණයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට අමතරව මත්ද්‍රව්‍ය අලෙවි කරන පිරිසක් වන්නට ඇතැයිද පොලීසිය සැක කරනවා.

අත්අඩංගුවට ගත් තරුණයින් හය දෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *