මත්ද්‍රව්‍ය විකිණූ සුරාබදු නිලධාරියෙකු ඇතුලු පිරිසක් කොටුවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මෙන්ම, එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිදුවීමකට අදාළව සැකකරුවන් පිරිසක් අලවතුගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු, අයිස්, ගංජා, මත්ද්‍රව්‍ය කිරුම් මිනුම් කටයුතු සඳහා යොදාගන්නා ඩිජිටල් තරාදියක් සහ මුදලින් රුපියල් දස දහසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත අයෙකුද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත පුද්ගලයා සහ පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු මැයි 29වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්නකිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා දුන් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *