මත්ද්‍රව්‍ය සමඟ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් නුවරඑළියේදී අත්අඩංගුවට

නුවරඑළිය – ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි විදේශීය කාන්තාවක් සහ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔවුන් ගමන් ගත් වෑන් රථය පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19ක් සහ හෑෂ් ග්‍රෑම් 03ක් පමණ සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය තොගය සමඟ 35 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව සහ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වෑන් රථයේ රියදුරු බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *