මත්පැන් නිෂ්පාදකයින්ගේ හිඟ බදු මුදල් බිලියන 1.1ක් බවට අනාවරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1 බව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ලබන ජූනි 30 වැනිදා වන විට 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීමට වහාම කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින්ගෙන් බලපත්‍ර බදු ගෙවන තෙක් තාවකාලිකව අත්හිටුවීමට ගෙන තිබූ කාරක සභා නියෝගය නොසලකා හැර කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *