මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන යුගය අවසන් කළ යුතුයි

මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ ඊයේ (23) පැවති ජාතික භික්ෂු පෙරමුණේ සමුළුවක් අමතමින්.

ඔහු එහිදී කියා සිටියේ සිය ආණ්ඩුවක් යටතේ සියලු දූෂණ වංචා සිදුකරන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ජනතාවට වෙනස් අවශ්‍ය යැයි සිතුවාට, ප්‍රර්ථනා කලාට එයට අවස්ථාවක් ලැබිය යුතු අතර එය සඳහා සැප්තැම්බර් මස 21 වනදා අවස්ථාව උදා වී තිබෙන බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *