”මන්නා රමේෂ්” අවිස්සාවේල්ල අධිකරණයට

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්” අද (29) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

අද පැවැත්වෙන නඩු කටයුත්තක් සඳහා ඔහු මෙලෙස රැගෙන ආවා.

මන්නා රමේෂ් නැමැත්තා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔහුගේ රැඳවුම් කාලය අගෝස්තු 08 වනදා තෙක් පවතින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසන්නේ.

මේ අනූව රැඳවුම් කාලය අවසන් වන දිනයේදී ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කළයුතු වනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් පසුගිය මැයි 07 වනදා දිවයිනට රැගෙන ආවා.

කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *