මනෝ ගනේෂන්ගේ මල්ලි පක්ෂයක් හදයි

ලකුණ තැපැල් පෙට්ටිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් විසින් නව පක්ෂයක් හඳුන්වා දී තිබෙනවා
එය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයයි

රට තුළ උද්ගතව ඇති ආර්ථීක, සමාජයීය හා දේශාපාලන ගැටළුවලට පිළියම් දීම සදහා නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව මතුව තිබේ. පරම්පරාවෙන් පරම්පරාවට උරම වන දේශපාලන පක්ෂ නායකත්වය ජනතාව ප්‍රතික්ෂේප කර ඇත. යටගියාව නැවත නැවතත් සිහිපත් කරමින් කල්මරන පැරණි දේශපාලන මතවාද ජනතාවගෙන් ඈත්වෙමින් තිබේ.

දේශපාලනයේ නවමු මානයනක් සොයා යන පසුබිමෙක ආගම්, ජාති, කුලභේදවලින් තොර දේශපාලනයේ නවමු පෙරළියක ඇරඹූමක් සනිටුහන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ජනගත කිරීම අද (08) කොළඹ සිනමන් ලේක් හිදී සිදුකෙරිණි.

“හදන හැදෙන ශ්‍රී ලංකාවක්” යන තේමාවෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය
හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වේ.

එහි සභාපතිවරයා ලෙස ව්‍යවසායක මොහාන් පෙරේරා මහතා කටයුතු කරන අතර මහලේකම්වරයා වශයෙන් ආචාර්ය සුරේස් ගංගාදරන් මහතා කටයුතු කරයි. ව්‍යවසායක නිලුක්ෂ නන්දකුමාර මහතා ජාතික සංවිධායක වන අතර ප්‍රචාරක ලෙකම් ලෙස කටයුතු කරන්නේ ප්‍රවීන මාධ්‍යවේදී ලංකා ඩී. ජයවර්ධන මහතායි.

රටේ සංවර්ධන ඉලක්ක කඩිනමින් සපුරා ගැනීම සඳහා අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙමින් නිදහස් සෞඛ්‍ය නැංවීම හා ජනතාවාදී අර්ථ ක්‍රමයක් තුළින් සැමට සමාන අවස්ථාව උදාකිරීමේ අරමුණ පෙරදැරිව ජනගත වන මෙම දේශපාලන සංධානය ඉදිරි මහ මැතිවරණය සදහා සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි අපේක්ෂකයින් ඉදිරිපත් කෙරේ.

එසේම ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය සදහාත් මුළු රටම නියෝජනය වන පරිදි අපේක්ෂකයින් පත් කිරීමටද නියමිතයි.

එක අරමුණක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්ව කටයුතු කිරීම සඳහා සමස්ත ලංකා විප්ලවීය ජනතා සභාව, ජාතික පාරිභෝගික සංගමය, අපේ මව්බිම පක්ෂය, එක්සත් මහජන පෙරමුණ, එක්සත් කොංග්‍රස් පක්ෂය, එක්සත් ලංකා ජන හඬ පක්ෂය, ජනවිජය ජනතා පදනම, ඇතුළු සංවිධාන 11ක් අවබෝධතා ගිවිසුම් ගිවිසුම් අත්සන් තැබීමද සිදුවිය.

එහිදී අදහස් දැක්වූ ප්‍රභා ගනේෂන් මහතා

අපේ පක්ෂයේ නම මාරු කරලා තියෙන්නේ හැමෝටම එකට අත්වැල් බැඳගෙන යන්න අවශ්‍ය නිසයි.රට ගොඩනගන වැඩපිළිවෙලක් අපිට තිබෙනවා.

මම බස්නාහිර පළාත් සභාවේ හිටියා. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කලා. කෙටි කාලයක් නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහටත් හිටියා.

මට ජනාධිපති වෙන්න අගමැති වෙන්න බැහැ. ඒක තමයි ඇත්ත.
ඒත් මගේ ගමන මෙතනින් ඉවර වෙන්නෙ නැහැ. මගේ දේශපාලන දැක්ම අනුව තරුණ තරුණයෝ දේශපාලනයට එන්න ඕනේ. දූෂණ වංචාව නැති දේශපාලනයක් හදලා දෙන එකයි මගේ අරමුණ.

මම පළාත් සභාවේ , පාර්ලිමේන්තුවෙ හිටපු කාලයේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි සේවයක් කළා.
අධ්‍යාපනය නගා සිටුවීම අපේ පක්ෂයේ ප්‍රධාන අරමුණක්. අධ්‍යාපනය තුළින් ඉදිරියට පැමිණෙන අයට දේශපාලන සහාය අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටපු නිසා මට පෙන්ෂන් එකක් ලැබෙනවා.රුපියල් 58000ක් විතර. ඒ මුදලට තවත් මුදල් එකතු කරලා දුගී දුප්පත් ජනතාවගේ දරුවන්ට පොත්පත් ලබා දෙනවා.

මන්ත්‍රීවරුන්ට පෙන්ෂන් දෙන්න කෝටි ගානක් සල්ලි විනාශ වෙනවා. ඒක නවත්වන්න ඕනේ. මේවා මහජනතාවගේ සල්ලි. මේවා නතර වෙන්න ඕනේ.

මල් මාල දානවට, රෙදි පොරවනවට මම කැමති නැහැ. ඔය මල් මාල ගන්න සල්ලි වලින් ළමයින්ට කොපි පොත් ටිකක් අරන් දුන්නොත් දරුවන්ට බෙදන්න පුළුවන් කියලායු මම කියන්නෙ.

මම වංචා දූෂණ සිදු කරලා නැහැ. ජනතාවගේ සල්ලි හොරකම් කරලා නැහැ.අපේ පක්ෂය ඇතුලේ ඒ වගේ කට්ටිය ඉන්නවා නම් අල්ලලා එළියට දාන්නත් මං බය වෙන්නේ නැහැ.

අලුත් ජනාධිපති කෙනෙක්,අලුත් වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. ඒ ගැන සතුටුයි.

ඉදිරියේදී මේ රට හොඳට හදාගන්න පුළුවන් කියන විශ්වාසයක් දැන් අපිට තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පුළුවන් නම් අපිත් ජනාධිපතිතුමා සමග අත්වැල් බැඳගෙන ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

අපේ මේ සන්ධානය අනිවාර්යෙන් පාර්ලිමේන්තු ඡන්දයේදී ලොකු වෙනසක් සිදු කරනවා. අපි සමග අත්වැල් බැඳගෙන ඉන්න අනෙක් පක්ෂව හා සංවිධානවලටත් මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ, ලාංඡනය (තැපැල් පෙට්ටිය) හා වෙබ් අඩිවය (dna.lk) එළි දැක්වීම ද සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *