මම අමාරුවෙන් ලබාගත්ත කොරියන් රැකියා නැති කරගන්න එපා.

රැකියාවලට අදාලව කාර්යාංශය චක්‍රලේඛත් නිකුත් කළා

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න බැරි උනේ ආණ්ඩුව අයවැය ගෙනාවේ නැති නිසා.

රජයේ සේවකයන් රවට්ටපු වෘත්තීය සමිති නායකයෝ මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා

මුදල් මුද්‍රණය ගැන ඇත්ත කියන්න.

කොරියාවේ සෘතුමය රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවාගැනීම සදහා වන අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇත්තේ කාර්යාංශ පනතෙන් ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව බවද, එම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අහිමි නොකරන ලෙස අගමැතිනියගෙන් ඉල්ලා සිටින බවද හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

මෙම රැකියා ලබාදීම සදහා කොරියානු රජයේ නියෝජිතයින් ලංකාවට පැමිණි බවද, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ සදහා වන චක්‍රලේඛ පවා නිකුත් කර තිබෙන බවද ඔහු පැවසීය. මෙම එකගතාවයන් වල කිසිදු නීති විරෝධීභාවයක් නොමැති බවද ඔහු කීය.

ජනාධපතිවරණයේදී ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ලබාදුන් ජනතාවට දැන් සත්‍ය අවබෝධය ලැබෙමින් තිබෙනා බැවින් එළබෙන මහ මැතිවරණයේදී එම පක්ෂයට සුළුතර රජයක් පවා පිහිටවීම අසීරු වනු ඇතැයි හෙතෙම පැවසීය.

රජය මුදල් මුද්‍රණකළ බව මාධ්‍ය වාර්තා කර ඇති බවත් එය අසත්‍යනම් නෛතික ක්‍රියාමාර්ගයන්ට පිවිසීමට ආණ්ඩුවට හැකිබවත් පැවසූ ඔහු වැදගත් වන්නේ වචනවල එල්ලීම නොව යම් මුදල් ප්‍රමාණයක් රටේ මුල්‍ය ප්‍රවාහයට එක් කළේද නැද්ද යන බව පැවසීය.

ගාල්ලේ අද පැවති මහජන හමුවක් අතර තුර මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවා වැටුප් වැඩි නොකිරීම, ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම සහ කොරියානු රැකියා සම්බන්ධව මතුව ඇති ගැටළු ගැනද ඔහු මෙසේ අදහස් දැක්වීය.

”රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ආන්දොලනයක් තියනවා . කැබිනට් මණ්ඩළය
තීන්දුවක් ගත්තා වැටුප් වැඩි කරන්න . අගමැතිනිය කියනවා ඒ සඳහා නිළධාරීන්ගේ අනුමැතිය අරගෙන නෑ කියලා. ඒ තීන්දුව ගන්නකොට ඒ සඳහා උදය වීරරත්න කැඳෙව්වා. ඒ කමිටුවේ හිටපු අය වත්මන් ජනාධිපතිතුමාගේ උපදෙශකයෝ හැටියටත් ඉන්නවා .

දැන් සමහරු අහනවා කැබිනට් මණ්ඩලයේ මුදල් වෙන් කරලද නැද්ද කියලා. මුදල් වෙන් කරලා තියලා ගිහිල්ලා නෑ කියලා කියනවා . කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම අදාල මුදල් අයවැයෙන් වෙන් කරගන්නම් ඕන . අයවැයක් ඉදිරිපත් කරන්නේ නැතුව මේ අය කඩිනමින් පාර්ලිමේන්තු ඡන්දයකට ගියා . තමන් කියපු දේවල් එළිවෙනකොට වැඩ වරදින බව දන්න නිසා. නොදන්න කමද මුදල් පරිපාලනය දන්නේ නැති නිසාද එහෙම කියන්නේ කියලා අපි දන්නෙ නෑ . අපි ආණ්ඩුවේ හිටියානම් ජනවාරියේ වැටුප් වැඩි කිරීම කරනවා. අපි දහ දාහක දිමනාවක් දෙනව කීව. ඒක වාරික දෙකකට දුන්නා. මේ අය මැතිවරණයක් කට මුල තියාගෙනත් රාජ්‍ය සේවකයෝ රවට්ටනවා. අපි දුන්න දීමනවත් නොදෙන හැඩක් තමා තියෙන්නේ. හෙට දවසේ රාජ්‍ය සේවකයන්ට මේ ගැන තීරණයක් ගන්න තියනවා. රාජ්‍ය සේවකයන් මුලා කරලා ජනාධිපතිවරනයේ බලය ගත්ත පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය දෙන්වාද කියලා තීරණය කරන්න.

ආණ්ඩුවේ වෘත්තීය සමිති අපේ ආණ්ඩුව කාලේ වර්ජනය කළා. ඒ වෘත්තිය සමිති නායකයෝ අද කෝ. අන්න ඒ අය මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා. ගිහින්න අහන්න කෝ අපේ වැඩිකළ වැටුප කියලා.

ආණ්ඩුව කියනවා මුදල් මුද්‍රණය කළේ නෑ කියලා. ඒත් මාධ්‍ය වාර්තා කරනවා මුද්‍රණය කියලා. නම් කවුරුහරි වැරදි ප්‍රවෘත්තියක් පල කරලා තියනවානම් ඇයි ඒකට විරුද්ධව පියවර ගන්නේ නැත්තේ. ඇයි වේදිකාවට ඇවිල්ලා කතා කරන්නේ..

මෙතන ප්‍රශ්ණය මුදල් අච්චු ගැහුවා ද නැත්ද කියන එක නොවේ. ආණ්ඩුව විසින් උපයා නොගත් යම් මුදල් ප්‍රමාණයක් රටේ මූල්‍ය පද්ධතියට ඇතුල් කළාද කියන එකයි . එමගින් යම් වත්කම් ප්‍රමාණයක් හැදුවාද කියන එකයි . ඒකට උත්තර නොදී අච්චු ගැහුවා කියන වචනයේ එල්ලෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

ඒ ආකාරයෙන් මුදල් ප්‍රමාණයක් මුදා හැරීයා නම් ඒ මුදල් ප්‍රමාණය නිකුත් කළේ කුමන පදනමක් මතද කිලයි අපි අහන්නේ . එවගේම බැඳුම්කර විකිණීමක් සිද්ධ වුණණේ නැද්ද . එහම දෙයක් කළ බවට මාධ්‍ය වර්තා කරන්නෙ බොරුද. මේවාට පිළිතුරු දෙන එක අණ්ඩුවේ වගකීම. මේ අයට අමතකයි දැන් මේ අය ඉන්නේ ආණ්ඩුවේ කියලා. හිතත් ඉන්නේ තවම ඉන්නේ විපක්ෂයේ කියලා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශයක් කරලා තියනවා කොරියානු රැකියා ගැන.
කොරියාවත් ශ්‍රී ලංකාවත් අතර ක්‍රියාත්මාක වුන ඊ 9 වීසා කාණ්ඩය සංකීර්ණ එකක්. ඒකට විභාග ලියලා එහෙම තමයි යන්න ඕන. මේ අතර කොරියව තවත් වීසා කාණ්ඩයක් හඳුන්ව දුන්නා ඊ 8 කියලා. ඒ සෘතුමය රැකියා සඳහා මාස 3,8, 8 වගේ කාල සඳහා. ඒ අවස්ථාව අපේ රටට හිමි වුනේ නෑ.

මම ඇමතිවරයා හැටියට කොරියාවෙන් ඉල්ලීමක් කළා ඒ අවස්ථාව ලංකාවේ අපටත් දෙන්න කියලා. මොකද අපි නීත්‍යානුකූලව ඊ 8 වීස ක්‍රමය ක්‍රියාත්මක නොකළාට ඒක හොරෙන් ක්‍රියාත්මක උනා. අන්තිමට මම ඇමතිවරයා හැටියට කොරියාවේ ප්‍රාන්ත ගණනාවකට ගිහිල්ලා ඒ ප්‍රාන්තර රාජ්‍යයන් එක්ක් කතා කරල, ආණ්ඩුකාරවරු, ඇමතිවරු මුනගැහිලා ඒ අවස්ථාව අපේ රටට්ත් ලබාගත්තා .

නමුත් ඒ ක්‍රමය ක්‍රියාත්මක විය යුත්තේ කොරියාවේ ප්‍රාන්ත ආණ්ඩු ලංකාවේ පළාත් සභා නැතිනම් නගර සභා අතර. ඒත් අපේ 13 වෙනි සංශෝධනය අනුව පළාත් සභාවකට, නගර සභාවාවකට බෑ පිටරටක් එක්ක ගිවිසුමකට එන්න. ඒ නිසා නැවත සාකච්චා කරලා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න එකගතාවයකට ආවා. ඒ සඳහා විෂය බාර අමාත්‍යවර‍යා වශයෙන් මම කොරියාවේ පළාත් පාලන ආයතන එක්ක අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළා. ඒ අමාත්‍යවරයාට පනතෙන් හිමි බලතල අනුව.

ඒ අනුව ඒ වැඩ පිළිවෙල ඉදිරියට ගියා . කොරියාවේ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් සමඟ කතා කරලා වැඩ කටයුතු කරන්න පුලුවන් උනා. ඒ රටවල් නියෝජිතයෙන් ලංකාවට ආවා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් මීට අදාලව චක්‍රලේඛන නිකුත් කරා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේක කොයි විදියටද කරන්නේ කියලා සැලසුම් සකස් කරා . ඒ සියල්ල සකස් කරල මේ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනකද කොරියානු ආණ්ඩුකාරවරයිනේ නියෝජිතයයන් සමග සාකච්ඡා කළා. ඊට අදාල වීඩියෝ පවා තියෙනවා.

දැන් එකපාරටම කියනවා එහෙම දෙයක් සිද්ධවෙලා නැහැ . එහෙම එකක් නෑ . මේක නීති විරෝධී කියලා. මෙතන නීති විරෝධී බවක් නැහැ . සෘතුමය රැකියා සඳහා ලංකාවේ තරුණ තරුණියන්ට හම්බවුන වටිනා අවස්ථාවල් මග අරින්න එපා කියලා මම අගමැතිනියට මතක් කරනවා.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *