“මම ආවේ වේදනාව නැති කරන්න” – රනිල්

බදු ඉහළ දමා ආර්ථිකය යම්තාක් දුරට ශක්තිමත් කර ඇතත් තවමත් රට ඉදිරියට ගමන් කරන්නේ අපහසුවෙන් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම තමන් පැමිණියේ ජනතාවගේ වේදනාව නැති කිරීමට බවද ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ කොස්ගම ප්‍රදේශයේ පැවැති මහජන සමුළුවකට එක්වෙමින්.

සීතාවක මහජන සමුළුව ඊයේ පස්වරුවේ කොස්ගමදි පැවැත්වුණේ ස්වාධින ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *