මස්කෙළියේ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09 පස්වරුවේ ත්‍රිරෝද රථයක් හා කැබ්‍ රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස්
තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

එම අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නල්ලතන්නිය, මරේ වතුයායට අයත් වලදල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අනතුරට පත් මෙම ත්‍රිරෝද රථය මස්කෙළිය ප්‍රදේශයේ සිට නල්ලතන්නිය ප්‍රදේශයට ධාවනය කරමින් තිබියදී කිරි ප්‍රවාහනය කරන කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගිය දෙදෙනාගේ මළ සිරුරු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *