මහ මැතිවරණයට එක් කණ්ඩායමකින් ඇප මුදල්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළේ, මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය බවයි.

මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන් අතර සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද කැඳවා තිබුණා

එහිදී පාර්ලිමේන්තු මැතිවැණය සඳහා වැය වන පිරිවැය පිළිබඳවද අවසන් එකඟතාවයකට එළඹීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වැයවනු ඇති බවටයි දළ වශයෙන් ගණන් බලා ඇත්තේ.

මේ අතර ඉදිරි මහමැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *