මහ මැතිවරණයට මුදල් වෙන් කිරීමට රජය තීරණය කරයි

2024 මහ මැතිවරණයට මුදල් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ අරමුදලින් අරමුදල් නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ (4) අනුව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2024 වර්ෂය වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක් නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී ඇත.

2024 අයවැය ඇස්තමේන්තු තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැති හෙයින් මෙම තීරණය ගනු ලැබ තිබේ.

එමෙන්ම, මහ මැතිවරණය පැවැත්වීමට අදාළව 2025 වර්ෂයේදී නිරවුල් කළ යුතු වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 06ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අතුරු සම්මත ගිණුම මඟින් වෙන් කර දීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

අංක 2403/13 හා 2024-09-24 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ 09 වන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇති අතර, 2024-11-14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරනු ලැබ ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *