මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුද අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල හෙට වනවිට ඉවත් කළ යුතු බවයි.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරට නිරික්ෂකයින් මෙන්ම යුරෝපා සංවිධානය ඇතුලු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් සහභාගි වනු ඇති.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *