මහින්ද රාජපක්ෂ වැලිකඩ යයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයට අද (25) ගොස් තිබෙනවා.

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු පසුගියදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ කොළඹ – හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔහුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *