මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව ගැනඅද ලබාදුන් තීන්දුව මෙන්න

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දුන් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 02 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම නඩුව අද ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ නඩුව දෙසැම්බර් මස 02 වනදා විභාගයට ගන්නා බවයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 53 කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක ස.තො.ස ආයතනයේ සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *