මාතර බිළිඳාගේ මියයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක්

කිරි හිරවීම හේතුවෙන් මාතර – කොටවිල නව මාතෘ රෝහල වෙත රැගෙන ආ බිළිඳෙකු භාර නොගැනීම නිසා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ පාලනාධිකාරිය විසින් මෙම පරීක්ෂණය සිදුකරනු ඇති.

කිරි හිරවීම හේතුවෙන් පසුගිය 3 වනදා අලුයම මාතර – කොටවිල නව මාතෘ රෝහල වෙත රැගෙන ආ මාස දෙකක් වයසැති බිළිඳා භාර නොගෙන මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන ලෙස ප්‍රකාශ කර තිබුණා.

ඒ, මෙම නව රෝහල තුළ හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවින්.

කෙසේ වෙතත් එම බිළිඳා මාතර මහ රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාතර කුඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි නිවුන් දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවායි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *