මානසිකත්වය හොඳ නැහැ

මෙතෙක් තමා මුහුණ දුන් ඉනිම හය තුළ දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වී සිටින ඔස්ට්‍රෙලියානු ප්‍රහාරාත්මක පිතිකරු ග්ලේන් මැක්වෙල් අයිපීඑල් තරගාවලියෙන් විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු මුහුණ දුන් අවසන් අයිපීඑල් ඉනිම හය තුළ දී ලකුණු 32ක් පමණක් ලබාගෙන 5.33ක ලකුණු රැස් කිරීමේ දුර්වල වේගයක් රඳවාගෙන සිටින මැක්ස්වෙල් මෙම තීරණය ගෙන ඇත්තේ, තමා යළි මානසිකව සහ ශාරීරිකව ප්‍රබෝධමත් වීමේ වුවමනාවෙන් බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඊයේ පැවැති සන්‍රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගය සඳහා ද සලකා නොබැලුණු මැක්ස්වෙල් පසුගිය දා සඳහන් කළේ,
“පසුගිය තරඟයෙන් පසු මම ෆැෆ් [ඩු ප්ලෙසිස්] සහ පුහුණුකරුවන් වෙත ගොස් පැවසුවේ මේ වෙනත් කෙනෙකුව උත්සාහ කිරීමට කාලයයි. මම මීට පෙර ද මෙවැනි තත්වයකට පත් වුණා. මම හිතන්නේ දැන් මට ටිකක් මානසික හා ශාරීරික විවේකයක් ලබා ගැනීමට හොඳ කාලයක්. මට තරඟාවලිය තුළට ඇතුළු වීමට අවශ්‍ය නම්, මට ඇත්තටම ශක්තිමත් මානසිකත්වයකට පැමිණිය යුතු අතර, බලපෑමක් ඇති කළ හැකි භෞතික අවකාශයක් තිබිය යුතුයි.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *