මාමා බෑණා හබයෙන් බෑණා මරුට

පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කොට ඇතයි තිස්සමහාරාම පොලීසිය පවසනවා.

තිස්සමහාරාම, පුබුදුගම, කොහොඹගහපෑලැස්ස ප්‍රදේශයේදී ඊයේ (17) මෙම සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ පේමකුමාර නැමැති 45 හැවිරිදි දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ බිරියගේ සොහොයුරියට අයත් යාබද නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

මියගිය පුද්ගලයා අධික ලෙස බීමත්ව හැසිරෙන අයෙකු බව පැවසෙන අතර බිරියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තිස්සමහරාම පොලීසිය සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඝාතනය සිදුකළ බව කියන මරණකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

සැකකාර මාමණ්ඩිය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *