මාරක ළිඳ කඩා වැටී පහක් රෝහලේ

දිවුලපැලැස්ස, රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියක ඉදිකර තිබූ මාරක ළිඳක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා තිබෙනවා.

එම අනතුරෙන් තුවාල ලැබූ 50 වියැති කාන්තාවක් සහ අවුරුදු 13,36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු ගිරාදුරුකෝට් සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බවයි දිවුලපැලැස්ස පොලිසිය පවසන්නේ.

මෙම තුවාලකරුවන්ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලටත්, සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව‍යි පොලිසිය සඳහන් කළේ.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් මෙම සැණකෙලිය සංවිධානය කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *