මාරගසක් මෝටර් රථය මතට වැටෙයි

මෝටර් රථයක් මතට දැවැන්ත මාරගසක් කඩා වැටීමෙන් මෝටර් රථය ට දැඩි අලාභහානි සිදු වී මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

බදුල්ල, කැප්පෙටිපොළ මාවතේ දී අද (4) පස්වරුවේ මෙම අනතුර සිදු වූ බවයි බදුල්ල පොලිසිය පවසන්නේ.

බදුල්ල ප්‍රදේශයට අද පස්වරුවේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙම මාරගස කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නැත්තේ ඒ අවස්ථාවේ මෝටර්රථය තුළ කිසිවෙකු නොසිටි නිසා බවයි පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *