මාස 09 කින් වැටුප් ගෙවලා නෑ.පෝට් සිටි ඉදිකිරීම් සේවකයින් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක.

කොළඹ වරාය නගරය තුළ ඉදිකිරීම් අංශයේ සේවය කරනා කම්කරුවන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලය අසල වාරය නගර පිවිසුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුනා.
ඔවුන් පවසන්නේ ඔවුන්ට ලැබිය යුතු වැටුප් මාස 09ක් තිස්සේ නොලැබෙන බවයි.
මොවුන් මෑන් පවර් ආයතන මගින් සේවයේ යොදවා ඇති අතර මොවුන්ගේ ආයතනයට වැටුප් ගෙවන්නේ වරාය අදිකාරිය හරහා බවත් වරාය අදිකාරියට එම මුදල් ගෙවන්නේ චයිනා හාබර් සමාගමෙන් බවත් ඔවුන් පවසනවා..

මෙම සේවකයින්ගේ වැටුප් සම්බන්ධව වරාය අදිකාරියෙන් විමසු විට වරාය අදිකාරිය පවසා තිබෙන්නේ චයිනා හාබර් සමාගමෙන් මුදල් නොලැබුණු බවයි.
නමුත් චයිනා හාබර් සමාගම සේවකයින්ට පවසා ඇත්තේ වරාය අදිකාරියට අදාල මුදල් පියවා ඇති බවයි.

කෙසේ හෝ තමන්ට අදාල වැටුප් ලබාදෙන ලෙසයි මෙම සේවකයින් ඉල්ලා සිටින්නේ.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *