මාළු වෙළඳසලකට මැර කල්ලියක් පහර දෙයි

මාළු වෙළඳසලක් පවත්වාගන යාමට එරෙහි වූ තවත් මාළු ව්‍යාපාරිකයකු මෙහෙයවූ බව කියන මැර කල්ලියක් විසින් මාළු වෙළඳසලට හා ලොරි රථ දෙකකට ඊයේ (11) පහර දී බරපතල හානි සිදුකර තිබෙන බව වාර්තා වනවා.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මුහුණු ආවරණය කරගත් දෙදෙනකු පැමිණ ලොරි රථ දෙකේ ඉදිරි පස වීදුරුවලට තියුණු ආයුධවලින් පහර දෙන ආකාරය සී සී ටී වි කැමරාවක සටහන්ව තිබුණා.

මීට අමතරව මාළු වෙළඳසලේ නවීන දොරකට සහ මේසයකටත් බරපතල හානි සිදුකර තිබෙනවා.

පහරදීම සිදුකරන අවස්ථාවේ සේවකයින් සිවු දෙනකු සිට ඇතත් ආයුධ පෙන්වා ඔවුන් පලවා හැර තිබෙන බවයි වෙළඳසලේ හිමිකරු ජී. එච් අජන්ත පැවසුවේ.

ඔහු මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට පැමිණිල්ලක් සිදුකළ බව පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *