2024.10.24 වන දින මැගසින් බන්ධනාගාර ඇතුලත අමුත්තන් බැලීමට පැමිණි කාන්තාවක් විසින් සැක කටයුතු අන්දමින් රැගෙන ආ ඌරු මස් ව්‍යංජනයක් තුල කුකුළු මස් කැබලි කිහිපයක් තිබී ඇති අතර ඒ මත කල සෝදිසියේදී කුකුළු මස් කටු තුල සූක්ෂම අයුරින් සඟවන ලද සුදු පැහැති දවටන වලින් ආවරණය කල යමක් ඇති බව එම අවස්ථාවේ රාජකාරියේ සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික බලකා නිලධාරීන් දෙදෙනකුට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, සිදුකල විමර්ශනයේදී මස් කටු තුනක් තුල සූක්ෂම ලෙස සඟවන ලද හෙරෝයින් මත්ද්‍රව්‍ය යැයි සැක කල හැකි කුඩා පැකට් 02ක් හා අයිස් මත්ද්‍රව්‍ය ලෙස සැකකල හැකි පැකට් 01ක් තිබී ඇති අතර එයින් එක් පැකට්ටුවක් කඩා බැලීමේදී නිරීක්ෂණය වී ඇත්තේ කුඩා ලෙස සැකසූ තවත් හෙරෝයින් යැයි සැකකල හැකි තවත් පැකට් 05ක් කඩදාසියක් තුල ආවරණය පවතින බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා සැකකාර කාන්තාව මැගසින් බන්ධනාගාර අධිකාරි උපදෙස් මත බොරැල්ල පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදීමට කටයුතු සිදුකර ඇත.
ගාමිණී බී දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)