2024.12.12 වන දින නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම සදහා ප.ව.03.30ට පමණ අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකු සම්බන්ධව ඇතිවූ සැකය මත බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික නිලධාරීන් විසින් මෙම පුද්ගලයා දැඩි සෝදිසියකට ලක් කර ඇත.
ඒ අනුව, මෙම පුද්ගලයාගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා තිබූ මාංචු යතුරක් බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හා අදාල මාංචු යතුර ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත. සිදුවීම සම්බන්ධනයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.