මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිසක් බොරැල්ල පොලිසිය මගින් අද (21) අලුයම අත්තඩංගුවට ගෙන තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිසක් බොරැල්ල පොලිසිය මගින් අද (21) අලුයම අත්තඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල කනත්ත අසල දී ඔවුන් විසින් නීති විරෝධී ලෙස පෝස්ටර් අලවමින් සිටි අවස්ථාවේදී මෙලෙස අත්තඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසනවා. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ඔවුන් මැතිවරණ නීති උල්ලංඝණය කර තිබෙනවා.

මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිළධාරී අබේසිංහ මහතා විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් හරහා බොරැල්ල පොලිසිය වහා ක්‍රියාත්මක වී තිබෙනවා. එහිදී පුද්ගලයින් පස්දෙනෙක් අත්තඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ ත්‍රීරෝද රථයක්, යතුරුපැදියක් සහ පෝස්ටර් 1175 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් කොළඹ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ අංක 18 යටතේ තරග වදින අධිනීතීඥ සුදත් ජයසුන්දර මහතාගේ ආධාරකරුවන් පිරිසක් බව අනාවරණය වී ඇත. සැකකරුවන් අද (21) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

What's your reaction?

Related Posts

1 of 453

Leave A Reply

Your email address will not be published. Required fields are marked *