මැයි මාසයේ විවාද දෙකටම අපි සූදානම්

නලින් බංඩාර විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් ⁣සහෝදරවරු පැන ගොස්, නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බවත්, මැයි මාසය තුළ මේ විවාද දෙකටම සමගි ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායාකවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම සූදානම් බවත් මින් පැන නොයන ලෙසත් මේ අභියෝග දෙකම බාර ගන්නා ලෙසත් නිවටයෝ ලෙස පැන නොයන ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන්කර සිටියා.

ජනතාවට කයිවාරුව, බොරුව සෝබනය ඔලුගෙඩි විජ්ජා එපා වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ කතාවට මෙන්ම වැඩටද සමගි ජන බලවේගය සූදානම් බවත් එම නිසා බියක් නැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *