මැල්සිරිපුර – කොස්කැළේ බස් රථ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කුරුණෑගල – මැල්සිරිපුර – කොස්කැළේ – පන්ලියද්ද ප්‍රදේශයේ දී අද අළුයම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මඩකළපුව සිට කොළඹ දක්වා ධාවනය වු බස් රථයක් සහ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ, 31 හැවිරිදි මඩකළපුව සිට කොළඹ දක්වා ධාවනය වු බස් රථයේ රියදුරායි.

තුවාල ලැබූ 3 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් 5 දෙනා ගොකරැල්ල ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *