මියගිය පුද්ගලයින්ට රුසියානු ජනපතිගේ ශෝකය

රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය කණගාටුව පළ කර තිබෙනවා.

එමෙන්ම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළ බවයි නියෝජ්‍ය අගමැති ටැට්යානා ගොලිකොවා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් මේ වන තෙක් සිදුකර නැහැ.

ප්‍රහාරයේ වගකීම මේ වනවිට අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *