මිලියන 28ක කේරළ ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

එහිදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 70කට අධිකාර ප්‍රමාණයක් සොයාගෙන ඇත.

එහි වටිනාකම රුපියල් මිලියන 28කට ආසන්න බව නාවික හමුදාව පවසයි.

ඩිංගි යාත්‍රාවකින් එම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නාවික හමුදාව සිය භාරයට ගෙන තිබූ කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *