මිලියන 43ක රන් බිස්කට් කටුනායකදි අල්ලයි

රුපියල් මිලියන 43ක් වටිනා රත්තරන් බිස්කට් 16ක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු අද(13) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි නිතරම ගුවන් ගමන්වල යෙදෙන ව්‍යාපාරිකයෙක්.

මොහු අද උදෑසන 06.05 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු එල්ලා ගෙන යන පැති බෑගයකයි මේවා රැගෙනවිත් තිබුණේ.

ගුවන් තොටුපොළ ගමන් මලු රැගෙන යාමට ඇති ” ට්‍රොලි ” කරත්තයක් යට අලවා ගෙන මෙම රත්තරන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02ක් ලෙස සකස් කරගෙන තිබුණා.

වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *